වැල්ලවාය, වන්දම, දෙමළිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විශාල ගංජා හේනක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් (S.T.F.) කණ්ඩායමක් එහි ගිය අවස්ථාවේ දී සිදු වූ වෙඩි හුවමාරුවක දී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වූ බව පොලීසිය සඳහන් කරයි. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පාතාල කල්ලි නායකයෙකු ලෙසින් හඳුන්වන 'ගංජා ලාල්' (ප්‍රෙමලාල්) නමැත්තා බව පොලීසිය සඳහන් කරයි.
පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වන විට වැල්ලවාය රෝහලේ තැන්පත් කර ඇති බවද වාර්තා වෙයි. අද (04දා) පස්වරු තුනට පමණ මෙම සිදුවීම සිදු වී තිබේ.