කේරළ ගංජා තොගයක් විකිණීමට උත්සාහ කළ හලාවත නගර සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ නගර සභා මන්ත්රීවරයෙකු අද (05දා) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට හලාවත පොලීසිය සමත් වී තිබේ.
හලාවත සහකාර පොලිස් අධිකාරී එස්.එස්. වික්රමසූරිය මහතා වෙත ලැබුණු තොරතුරක් මත හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ගංජා ගැනුම්කරුවන් ලෙස වෙස්වලාගෙන සැකකාර හිටපු මන්ත්රීවරයා සමග ගනුදෙනුව කතාකර, හලාවත සිංහපුර පාර මංසන්ධියේදී ගංජා පාර්සලය සමග අත්අඩංගුවට ගන්නා ලදී.
ඔහු සතුව තිබූ පාර්සලයෙහි කේරළ ගංජා මිලිග්රෑම් 950 ක් තිබූ බව පොලීසිය පවසයි.
හලාවත සුපුන් හංසන