ගංජා ගැන ඔත්තුව දුන් විහාරාධිපති හිමියන්ට පහර දීලා
ගංජා අලෙවි කරන බවට ඔත්තුව දුන්නැයි උරණ වූ පිය පුතු දෙදෙනෙකු ගමේ විහාරස්ථානයේ විහාරාධිපති හිමිට පහරදීම නිසා උන්වහන්සේ ගම්පොල ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලීසිය පවසයි. මෙසේ රෝහල් ගත කොට ඇත්තේ ගම්පොල කුරුඳුවත්ත කොලවල ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති අතුරුගිරියේ චන්ද්‍රරතන හිමියන්ය.
දිගු කලක් පුරා ගමේ තරුණ පිරිස, පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වීම හා ඒවා ව්‍යාප්ත වීම පිළිබඳව දැඩි කලකිරීමෙන් සිට ඇති මෙම විහාරාධිපති හිමි ඒ පිළිබඳව ගම්වාසීන් හා ආරක්ෂක අංශ දැනුවත් කොට මත්ද්‍රව්‍ය ගමෙන් තුරන් කිරීමට බොහෝ වෙහෙසක් ගත් බව ප්රදේශවාසිහු පවසති.
විහාරස්ථානය අසළ වෙළෙඳසැලක් පවත්වාගෙන යමින් ගංජා අලෙවි කිරීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති මෙම පියපුතු දෙදෙනා එයට දැඩි විරෝධය පා උන්වහන්සේට පහර දී ඇතැයි කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කර තිබේ. කුරුදුවත්ත පොලිසියද සඳහන් කරන්නේ මෙම කඩ හිමියන් පිළිබඳව මීට පෙරත් දිගින් දිගටම මෙවැනි චෝදනා එල්ල වී ඇති බවයි. කුරුඳුවත්ත පොලීසිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

