ගංජා කිලෝ ග්රෑම් 35ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රැගෙන යාමට කටයුතු කළ යුද හමුදා සේවය අත්හිට වූ මේජර්වරයෙකු හා තවත් සැකකරුවෙකු විසින් පොලීසිය විසින් අද (24දා) අත්අඩංගුවට ගෙන ඇත.
පානදුර කොට්ඨාශ නොවිසදු අපරාධ ඒකකය නිලධාරින් කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වු කාර් රථයක් බණ්ඩාරගම පිටවීමේ දොරටුවේදි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 42 සහ 32 වියේ පසුවු අනුරාධපුර ප්රදේශයේ පදිංචිකරුවන් බවද පොලීසිය කියයි.