ඛනිජ තෙල් ක්ෂේත්රයේ සිදුකළ කාර්යක්ෂමතාව නිසා මේ වසරේ මුල් මාස හයට ඛනිජතෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 46.5ක ලාභයක් උපයාගෙන ඇතැයි ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.
මීට අමතරව ඉන්ධන හා බොරතෙල් ගොඩබෑමේදී සිදුවන ප්‍රමාදයන් වළක්වාගැනීමට කටයුතු කරන බවත්, වරායේ සිට ඉන්ධන රැගෙන යන නළවල පවතින සුළු සුළු දිරාපත් වීම් නිසා ඉන්ධන අපතේ යන බැවින් මේ වසරේ දෙසැම්බර්මාසයේ නව නළ පද්ධතියක් එළනබවත් ඔහු පවසා සිටියේය.
ඊයේ (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,ලංකාවේ ඛනිජතෙල් සොයාගැනීම සඳහා 2013 වසරේ සිට යම් වැඩපිළිවෙළක් සකස් කළද, අදාළ කටයුතු සඳහා ඉදිරිපත් වූ සමාගමට හා මූල්‍ය සහකරුට නිසි ලෙස අවස්ථාවක් ලබා නොදුන් බවයි.