සිය කුළුදුල් ටෙස්ට් ශතකය බංග්ලාදේශයට එරෙහිව වාර්තා කිරීමට කෞෂාල් සිල්වා දැන් සමත්විය. ඔහු මේ වන විට නොදැවී ලකුණු 102ක් රැස්කරගෙන සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග හයකට ක්‍රීඩාකර ඇති කෞෂාල් මේවනවිට අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 493 රැස්කරගෙන සිටියි.
පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් බිඳවැටී ලකුණු 226ක් රැස්කරගෙන සිටින අතර, කෞෂාල් සමගින් ක්‍රීඩාකරන සංගක්කාර ලකුණු 57ක්රැස්කරගෙන සිටියි.