ලංකාවට එන විදේශ සංචාරකයන් ලෝකයේ කෝපි සඳහා ඇති නාමයන්ගෙන්ම කෝපි ඉල්ලීම නිසා විදේශයන්ගෙන් කෝපි ආනයනය කිරීමට සිදුවන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.ඒ ආකාරයට පසුගිය වසර පහ තුළදී කෝපි මෙට්‍රික් ටොන් 331.4ක් මෙරටට ආනයනය කර තිබෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.
ලංකාව පුරා දැනට හෙක්ටයාර් 6137ක කෝපි වගා කරන බවත්,පසුගිය වසර පහ තුළදී කෝපි මෙට්‍රික් ටොන් 17117ක් මෙරටදී නිෂ්පාදනය කර තිබෙන බවත් පැවසූ ඒ මහතා ඉන් මෙට්‍රික් ටොන්179.92ක් විදේශයන්ට අපනයනයකර තිබෙන බවද ප්‍රකාශ කළේය.
විදේශ සංචාරකයන්ගේ පැමිණීම වැඩිවීමත් සමග කෝපි අලෙවිය වැඩිවී ඇති බැවින්කෝ පි වගාකරුවන්ට හොඳ මිලක් ලබාගැනීමේ වැඩපිළිවෙළක් දියත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.