ඉතිහාසයේ කිසිදු යුගයක නොවූ තරම් කෝප් හා කෝපා යන කාරක සභාවන් බලගන්වා ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
ජයසූරිය මහතා මෙම අදහස් පළ කළේ රාජ්‍ය ගිණුම්කාරක සභාව (COPA) හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) යන කාරක සභාවන්ගෙන් ඉදිරිපත් වන වාර්තා ක්‍රියාවට නැංවීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී පැවැත්වූ සාකච්ඡාවකදීය.
වර්තමානය වනවිට එම කාරක සභා දෙක ඉතා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීම 08 වැනි පාර්ලිමේන්තුව ලද ජයග්‍රහණයක් වන බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කාරක සභාවක් කැපවීමෙන් යුතුව සිය වගකීම් ඉටුකරමින් මේ වනවිට රාජ්‍ය ගිණුම් කාරක සභාව (COPA) මගින් වාර්තා 3 ක් හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) මගින් වාර්තා 5 ක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්ව ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.