කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කෝප් කමිටු රැස්විමෙන් නැගිට ගොස් ඇති බව වාර්තා වෙනවා. ඔහු එම රැස්වීමෙන් නැගිට ගොස් ඇති බව අද පැවැති කෝප් කමිටු රැස්වීමට එක් නොවූ මන්ත්රීවරයෙක්ද අද වෙබ් අඩවියට තහවුරු කළේය. කෝප් කමිටුව අද (24දා) පාර්ලිමේන්තුවේදී රැස්වීය. ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව කෝප් කමිටු වාර්තාවද නිකුත්වීමට නිමිතව ඇත. සභාපත වශයෙන් තමාගේ වාර්තාව සකස්කර අවසන් බව සුනිල් හඳුන්නෙත්ති මහතා මීට පෙර ප්රකාශ කර තිබුණි.