2015/2016 වසරට අදාළව භාණ්ඩාගාර බැඳුම්කර අළෙවිය පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එළිදැක්වීමට නියමිත වාර්තාව පැමිණෙන තෙක් තමා නැවතත් මහ බැංකු අධිපති තනතුර බාර නොගන්නා බව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පවසා තිබේ.
මහ බැංකු අධිපතිවරයාගේ වසරක ධුර කාලය මේ මස 30 දායින් අවසන් වීමට නියමිත අතර ඒ අනුව අද පැවැති මුදල් මණ්ඩල රැස්වීමේදී අධිපතිවරයා පවසා ඇත්තේ කෝප් කමිටු වාර්තාව පැමිණෙන තෙක් තමා නැවතත් එම තනතුර බාර නොගන්නා බවයි.
මත භේදයට තුඩු දී ඇති මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර අලෙවියේදී කිසියම් වංචාවක් සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව කෝප් කමිටුව පරීක්ෂණයක් පවත්වයි.