කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ කමිටුව අද (03දා) මධ්‍යම රාත්රියේදී ප්‍රථම වරට රැස්වෙයි.
මෙම කමිටුව විසින් ඉදිරිපත් කර ඇති කෝප් කමිටු වාර්තාව නිරීක්ෂණය කර ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පක්ෂ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවටත් වාර්තාවක් ලබාදීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ මෙම කමිටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ගෙන් සමන්විතය.