මහ බැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබඳව කේප් කමිටුවේ අවසන් නිගමන සඳහා කෝප් කමිටු සාමාජික රන්ජන් රාමනායක මහතා හැර අනෙකුත් කෝප් කමිටු සාමාජිකයින් අත්සන් තබා ඇති බව කෝප් වාර්තාව ඉදිරිපත් කරමින් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ප්රකාශ කළේය.
මේ පිළිබඳව 'අද' වෙබ් අඩවිය පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ විදෙස් ගතව සිටි තමන් ඊයේ (27දා) රාත්රියේ නැවතත් දිවයිට පැමිණි හෙයිනි කෝප් වාර්තාවට අත්සන් කිරිමට නොහැකි වූ නමුත් නිර්දේශවලට එකග වූ බව දුරකතනයෙන් දැනුම් දුන් බවයි.
කෙසේ වෙතත් කෝප් සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා තමා අත්සන් නොකළ බවට කළ කතාවෙන් සිය නමට කලු පැල්ලමක් එක්වූ බවත් මන්ත්රීවරයා සඳහන් කළේය.