මහ බැංකු බැඳුම්කර ගනුදෙණුව පිළිබඳව කෝප් කමිටුව විසින් සකස්කළ වාර්තාව අද (25දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නොහැකිවනු ඇති බව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවට පැවැසීය.
කෙසේ වෙතත් මේ සතියෙ ඉදිරි දින වලදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි වෙනු ඇති බවද ඔහු සඳහන් කළේය. කෝප් කමිටු වාර්තාවේ පරිවර්තන හා මුද්‍රණ කිරීමේ ගැටලුවක් හේතුවෙන් අද දිනයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව සභාපතිවරයා පාරලිමේන්තුවේදී පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ මන්ත්‍රී සුමන්තිරන් මහතා පැවැසුවේ දෙමළ පරිවර්තනයක් ලැබෙන තෙක් කෝප් වාර්තාවට සහාය දැක්විය නොහැකි බවයි.