කෝප් කමිටුව විසින් බැඳුම්කර වංචාව පිළිබඳව සියලුම කරුණු හෙළිකර තිබෙන බැවින් අදාළ ගනුදෙනුව පිළිබඳව නිර්දේශ ක්‍රියාත්මක කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එම වගකීමෙන් පැන යා නොහැකි බවත්, අගමැතිවරයා සිදුකරන ක්‍රියාමාර්ග පක්ෂයක් ලෙස බලා සිටින බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ගනුදෙනුව පිළිබඳව වාර්තාව ඉදිරිපත් වී තිබෙන බැවින් මහ බැංකුවට අදාළ කාර්යභාරය අවසන් වුවත්, ඉතාමත් කෙටි කාලයක් තුළ අධික ලාභයක් ලබාගත් පර්පචුවල් ට්‍රෙෂරිස් ආයතනය පිළිබඳව පූර්ණ බලැති යාන්ත්‍රණයක් මගින් පරීක්ෂණයක් සිදුකළ යුතු බවද පවසා සිටියේය.
සෑමවිටම පාර්ලිමේන්තුව ශක්තිමත් කළයුතු බවට ප්‍රකාශ නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කෝප් කමිටුව විසින් ලබාදුන් නිර්දේශ ක්රියාත්මකකර පෙන්විය යුතු බවත්, බැඳුම්කර නිකුත් කිරීමේදී සාමාන්‍ය ක්‍රම‘වේදය වෙනුවට වෙන්දේසි ක්‍රමයට බැඳුම්කර නිකුත් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බව පැහැදිලි වී තිබෙන බවත් පක්ෂ නායකවරයා සඳහන් කළේය.
අගමැති පුටුවේ වාඩිවූ පමණින් ඔහුට මහ බැංකුවේ ගනුදෙනුවලට උපදෙස් ලබාදිය නොහැකි බවත්, ඔහුගේ වාක්‍ය දේව වාක්‍යයක් විය නොහැකි බවද පවසා සිටියේය.ගෙවීගිය කාලය පුරාම මහ බැංකුව හොරකම්වල මධ්‍යස්ථානයක් වූ බවත්, මහා භණ්ඩාගාරයේ තිබෙන්නේ මහජන මුදල් බව ජනතාව දැනගත යුතු බවද කියා සිටියේය.
මේ නිසා ඒ ධනය ආරක්ෂා කිරීම මහජනතාව සතු කාර්යයක් බවත්, එම තත්ත්වය සැලකිල්ලට ගෙන හොරුන්ට දඬුවම් ලබාදෙන තෙක් සහ අවභාවිත මුදල් නැවත රටට උරුම කරදෙන තෙක් පක්ෂයක් ලෙස ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද පක්ෂ නායකවරයා සඳහන් කළේය.