පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව ජනතාවට විවෘත කිරීමට කළ හැකි සියලුදේ ඉටුකීරීමට තමා කටයුතු කරන බවත් එම කමිටුවට මාධ්‍යවේදීන් ද සහභාගි කරවා ගැනීමට හැකිදැයි සොයාබලන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. අන්තර්ජාලයේ සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ තම කමිටුව මහජනතාවට වඩාත් සමීප කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් හෙතෙම කීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය. මම විශ්වාස කරනවා මහජතාවගේ අදහස් වීමසීම තුළින් රාජ්‍ය ව්‍යාපාර තුළ කටයුතු කරන සියල්ලන්ටම පණිවිඩයක් ලබාදීමට අපට පුලුවන් වෙනවා. අනිකුත් රටවල වෙනත් පාර්ලිමේන්තුවල තිබෙන මට්ටමට මෙම පාර්ලිමේන්තුව ගෙන ඒමට අපි උපරිම උත්සහ කරනවා. ඒසදහා වන නීතිමය බාධා ඉවත්කරනවා. මාධ්‍යවේදීන්ටත් හැමදාම මෙම කාරකසභාවට පැමීණීමට අවස්ථාව ලබාදිය හැකිදැයි අපි සොයා බලනවා යනුවෙන් හෙතෙම පැවසීය.
පාර්ලිමේන්තුවේ ප්‍රථම කෝප් කමිටු රැස්වීමට අද(10) පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්වු අතර එහිදී මෙම අදහස් ඵලවිය.