සහල් මුවාවෙන් මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් කහ කැබලි අඩංගු කන්ටේනර් දෙකක් ඔරුගොඩවත්ත රේගු නිෂ්කාශන අංශයේදී අද (23) විවෘත කර ඇති අතර විවෘත කරනු ලැබූ කන්ටේනර් දෙකෙහි සහල් කිලෝග්රෑම් 10,000ක් සහ කහ කැබලි කිලෝග්රෑම් 27,000 ක් තිබූ බවට වාර්තා වේ.