කෝටියක රන් සමග ගුවන් හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රත්තරන් තොගයක් ඉතා සූක්ෂම ලෙස කටුනායක ගුවන්තොටුපොළෙන් පිටකිරීමට තැත්කළ මෙරට ගුවන් හමුදා නිලධාරියෙකු අද (13දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වැඩිදුර පරීකෂණ සඳහා ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත බාරදී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් ධර්මසේන කහඳව මහතා පැවසීය.
මෙම නිලධාරියා ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සිට පිටත්වීමේ පර්යන්තය දෙසට යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු සන්තකයේ තිබී රත්තරන් කිලෝ 02යි ග්‍රෑම් 64ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මීට පෙර අවස්ථා කිහිපයකදීම මේ ආකාරයට කටුනායක ගුවන් තොටුපොළෙන් රත්තරන් පිටකර ඇතැයි මූලික රේගු පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

