රුපියල් එක් කෝටි දාසය ලක්ෂ හතළිස් දහසක් වටිනා මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ තරුණියක ඊයේ (20දා) රාත්රියේ කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
සැකකාරිය සංචාරයක නියෝජිතවරියක ලෙස ශ්රී ලංකාවේ කටයුතු කර න අවුරුදු 26 හැවිරිදි චීන ජාතික තරුණියකි. ඇය සිය ගමන් මල්ලේ විවිධ වර්ගයේ මැණික් කැට 247 ක් සඟවා ගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව රේගුව සඳහන් කරයි.
මැණික් තොගය රාජසන්තක කළ රේගුව, ඇයට රුපියල් ලක්ෂ 3 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.