වත්මන් ආණ්ඩුව ආර්ථික සංවර්ධනයක් හා ඓශ්චර්යක් පිළිබඳව කථා කළද ණය පොලී ගෙවීමට තරම් ආදායමක් ඉපැයීමට ආණ්ඩුව අසමත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
මාතර නගරයේ ඊයේ (17දා) පැවැති ජනරැලියක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි ලක්ෂ පහක් පමණ වන බවයි.
වත්මන් ආණ්ඩුව රට සංවර්ධනය කරන මුවාවෙන් කොමිස් ව්‍යාපෘති පමණක් දියත් කළ බවත් කොන්ක්‍රීට් වනාන්තර පමණක් ගොඩනගා ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.