රුපියල් කෝටි පහක් වටිනා හෙරොයින් පාර්සල් දහයක් කුළු බඩු පාර්සල් අස්සේ සඟවාගෙන මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික යුවළක් කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත් ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අද (04දා) අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී කීවේය. අත් අඩංගුවට ගත් හෙරොයින් වල බර කිලෝග්‍රෑම් පහකි. මෙම හෙරොයින් ග්‍රෑම් 500 පැකට් ලෙස අසුරා තිබු බව රේගුව කියයි.