කෝටි දෙකක කප්පමක් ඉල්ලීමේ සිද්ධියකට සම්බන්ධ ගුවන් හමුදාවේ සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
උපුල් සමන් කුමාර නැමැති මොනරාගල හුලංදාව දකුණ ප්රදේශයේ පදිංචි අයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
පසුගිය ජූලි මස 30 වැනිදින මොනරාගල හුලංදාව ප්රදේශයේ පදිංචිකරුවෙකුට දුරකථනයෙන් කතාකර ඔහු හා පවුලේ සාමාජිකයන් මරණ බවට තර්ජනය කර කෝටි දෙකක කප්පම් මුදලක් සැකකරු විසින් ඉල්ලා තිබේ.
මේ සම්බන්ධයෙන් මොනරාගල පොලීසියට ඉදිරිපත් වූ පැමිණිල්ලක් ඔස්සේ කළ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.