රුපියල් නම කෝටි හැට දෙලක්ෂ අසු දෙදහසහක් වටිනා විදේශීය සිගරට් තොගයක් සන්තකයේ තබා ගනිමින් මට්ටක්කුලියේ, ෆර්ගියුසන් පාරේ තීරු බදු නොගෙවු විදේශීය සිගරට් ගබඩාවක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 20 ක උපරිම දඩයක් නියම කළ සුරාබදු දෙපාර්තමේන්තුව එම සිගරට් තොගය ප්‍රසිද්ධියේ විනාශ කිරීමට නියෝග කළේය.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට දුම්කොල බදු පනත යටතේ පවරා ඇති බලතල අනුව සැකකරුට චෝදනා හතරක් යටතේ චෝදනා ගොනු කර සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජි.ගුණවර්ධන මහතා විසින් පෙරේදා (01දා) මෙම නියෝගය ලබා දුන්නේය. මෙලෙස දඩ නියම වුයේ කොළඹ කොල්ලූපිටිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකුටය.