උපයාගත් ආකාරය හෙළිකළ නොහැකිව මෙරට බැංකු ගිණුමක රුපියල් කෝටි 95කට අධික මුදලක් තැන්පත් කළැයි කියන චීන ජාතිකයින් දෙදෙනකු ලබන 12දා තෙක් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය රිමාන්ඩ් බාරයට පත් කළාය.
චීන ජාතිකයින්ට අයත් බැංකු ගිණුමක විශාල වශ්‍යයෙන් මුදල් තැන්පත් කරන බවට එම බැංකුව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගනු ලැබු මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.
ආගමන විගමන නිති උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටියදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් සූ ඩියෑන් සන්ග් සහ වෙයි බින් ලයි නැමැති චීන ජාතිකයින් දෙදෙනා මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලදී.