රුපියල් කෝටි හතලිස් පහකට අධික කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් කැලණිය පෙතියාගොඩ ප්‍ර‘දේශයේ ගබඩාවක කන්ටේනරයක් තුළ සඟවා තිබියදී අද (09දා) රාත්‍රී සොයා ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.
සොයා ගත් කොකේන්වල බර කිලෝ 31 ග්‍රෑම් 844ක් බව පොලීසිය පැවසීය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබූ අතර සීනි අඩංගු කන්ටේනරයක් තුළ තිබී මෙම කොකේන් තොගය හමුවී තිබේ.
සීනි අඩංගු කන්ටේනරයේ සීනි අතර සඟවා කොකේන් පැකට් විසි නවයක් තිබූ බව වැටලීමට සහභාගි වූ පොලිස් නිලධාරියෙක් පැවසීය.
කොකේන් මෙරටට ආනයනය කළ පුද්ගලයන් කවරෙක් ද යන්න හා මෙම ගබඩාවේ අයිතිකරු කවරෙක්ද යන්න පිළිබඳ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පරීක්ෂණ පවත්වන බව එම පොලිස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ