මැලේසියාවේ රක්‍යාත් ප්‍රදේශයේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අලෙවිසැලක් පවත්වාගෙන ගිය බව කියන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු අට දෙනෙකු මැලේසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයන් සමග එම අලෙවි සැලේ තිබී රුපියල් කෝටි 36කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, එහි වටිනාකම මැලේසියානු රිඟිට් කෝටියකට අධික බවද වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් අටදෙනා අතර මැලේසියානු ජාතිකයන් පස් දෙනෙකු හා ඉන්දීය ජාතිකයෙකු වෙතැයි මැලේසියානු පොලීසිය සඳහන් කරයි.