කෝට්ටේ නාග විහාරයට ජනතාව දහස් ගණනින් පැමිණෙති
අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති කෝට්ටේ ශ්‍රී නාග විහාරයට මහජනතාව දහස් ගණනින් පැමිණෙන ආකාරයක් අද (09දා) පෙරවරුවේ සිට දකින්නට ලැබුණි.
.jpg)
ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබූ ශ්‍රී දේහය අද පෙරවරුවේ කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානය වෙත වැඩම කළ අතර, පෙරවරු 9.30 ට පමණ මහජන ප්‍රදර්ශනයට තබන ලදී.
.jpg)
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පවුලේ සාමාජිකයින්, ගුරුවරුන්, ඥාති හිතමිත්‍රාදීන් ඇතුළුව ශෝකයට පත් ජනතාව දහස් ගණනින් නාග විහාරය වෙත පැමිණ සිටියහ.
.jpg)
.jpg)
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ වැඩිමහල් සහෝදරයා වන පී.ඩී.ගුණසේකර මහතා, උන්වහන්සේගේ නැගණිය, මාදුළුවාවේ මහ විද්‍යාලයේදී සෝභිත හිමියන්ගේ මුල්ම ගුරුවරිය වූ භද්‍රාවතී සමරතුංග මහත්මිය ඇතුළු පිරිසක් ඒ අතර වූහ.
.jpg)
.jpg)
රාජගිරිය සිට පිටකෝට්ට දෙසට වන්නට විශේෂ රථවාහන සැලැස්මක් දියත් වන බැවින් ඒ අවට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.
.jpg)
අද උදෑසන කාලයේදී කතානායක කරු ජයසූරිය, විපක්ෂනායක ආර්. සම්බන්ධන් ඇතුළු දේශපාලනඥයින් දේහයට ගෞරව දැක්වීමට පැමිණ සිටියහ.
.jpg)
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

