නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයේ මැයි 20දා තිබූ නඩුවකට ඉදිරිපත් නොවී විදේශ ගතවූ බවට අධිකරණයට දන්වා සිටිමින් අධිකරණය නොමග යවා ඇති චෝදනා යටතේ පනaනිපිටිය දෙව්රම් විහාරාධිපති කෙළොන්නාවේ සුමංගල හිමියන්ට ජූලි මස 15දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරනු ලැබීය.
මේ පිළිබඳව ඉදිරිපත් මෝසමක් සලකා බැලූ නුගේගොඩ ප්රධාන මහේස්ත්රාත් කනිෂ්ක විජේරත්න මහතා අද (10දා) නොතීසි නිකුත් කරන ලදී.
පන්නිපිටියේ දෙව්රම් විහාරාධිපති හිමියෝ විදේශ ගතවී ඇත්තේ මැයි මස 21දා රාත්රී 7.25 ට කටුනායක ගූවන් තොටුපළින් ගමන් ඇරැඹි යූ.එල්. 121 දරණ ගුවන් යානයෙන් චෙන්නායි නගරය බලා පියාසර කර ඇතැයි පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අදහස් දක්වූ නීතිඥවරයා අධිකරණයට දැන්වීය.
අමිල් සංකල්ප