කොළොන්නාව ප්‍රදේශයේදී අතුරුදහන් වූ තරුණියන් තිදෙනාගේ අතුරුදන්වීම ප්‍රේම සම්බන්ධතාවයක් මත සිදුවූවක් බවට පොලීසිය සැක පහළ කරයි.
අතුරුදහන් වූ බව සඳහන් තිදෙනාගෙන් පහළොස් හැවිරිදි සිසුවියගේ පෙම්වතා බව කියන තරුණයාගෙන් පෙරේදා (16දා) වැල්ලම්පිටිය පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඒ අනුව අද (18දා) තරුණියන් දෙදෙනෙකු වැල්ලම්පිටිය පොලීසියට බාරවී තිබෙන අතර, අනෙක් තරුණිය ගම්පහ ප්‍ර‘දේශයේ ස්ථානයක සිටිනා බවට තහවුරු වී තිබෙන බැවින් ඒ පිළිබඳව සොයා බැලීමට පොලිස් මෙහෙයුමක් දියත් කර තිබේ.