කොළොන්නාව කුණු කන්ද ඉවත් කිරීම 100කින්
කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමේ වැඩසටහන දින සියයක් ඇතුළත ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා කොළොන්නාව ප්‍රදේශයේ පැවැති ජන හමුකදී පැවසීය.
“පසුගිය කාලේ මීතොටමුල්ල කුණු කන්ද බලහත්කාරයෙන් කොළොන්නාවට ගෙනත් දැම්මේ. මේ නිසා අපේ ප්‍රදේශයේ ජන ජීවිතය කඩන් වැටිලා. ජනතාවගේ සෞඛ්‍ය තත්වය, අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පිරිහිලා ගිහිල්ලා ජීවත් වෙන්න බැරි තත්වයකට පත් වෙලයි තිබුණේ. ඒ නිසා තමයි කොළොන්නාව කිව්වම කුඩුයි කුණුයි යන නම රට පුරාම ප්‍රචලිත වෙලා තිබුණ. අග්රාමාත්යතුමත් මමත් පොරොන්දු වුනා මේක විසදනවා කියලා.
මේ ප්රශ්නය විසදන්න අවශ්‍ය මූලික පියවර අරගෙන ඉවරයි. තව මාස දෙක තුනක් ඇතුලත සම්පුර්ණයෙන්ම කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමේ වැසටහන ආරම්භ කරනවා.පළවෙනි පියවර ලෙස දින සියයක් ඇතුළත කොළොන්නාවට කුණු ගේන එක සම්පූර්ණයෙන්ම නතර කරනවා. එතකොට කොළොන්නාවට නැවත කොළඹ කුණු එන්නේ නෑ. ඊට පස්සේ කුණු කන්ද අපි වහනවා. ඒ අනුව දින සියයකින් කුණු කන්දේ ප්‍රශ්නේ 85%ක් ඉවර කරනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

