ප්‍රතිඵල නිකුත් වී අවසන් වූ කොළඹ දිස්ත්‍රික්කය තුළද සන්ධානය පසුබැස තිබේ. 2009 වසරේදී ඔවුන්ට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 25 ක් හිමිවුවත් මේ වසරේදී එය ආසන 18 ක් දක්වා අඩුවී තිබේ. එක්සත් ජාතික පක්ෂයද 2009 ට සාපේක්ෂව ආසන තුනක් පසුබැස තිබේ. ඔවුන්ට 2009 වසරේදී ආසන 15 ක් හිමිවූ අතර, 2014 වසරේදී හිමිකරගෙන තිබෙන්නේ ආසන 12 කි.
ජනතා විමුක්ති පෙරමුණ සිය ආසන සංඛ්‍යාව එක් ආසනයක සිට ආසන තුන දක්වා වැඩිකරගෙන තිබේ. ප්රජාතන්ත්රවාදී පක්ෂය ආසන තුනක් හිමිකරගෙන තිබේ. මුස්ලිම් කොංග්‍රසය එක් ආසනයක් හිමිකරගනිද්දී ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ ආසන 2 ක් හිමිකරගෙන තිබේ.