ෙකොළඹ හා තදාසන්න ප්‍රදේශවලට සැහැල්ලු දුම්රිය මාර්ග 06ක් ඉදිකිරීම සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 202ක මුදලකට කොරියාවේ M/S Seoyoung Engineering Co.Ltd (SYE) හා Saman Corporation වෙත පිරිනැමීමට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කරන ලද පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මෙම දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා පූර්ව ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීම සඳහා උපදේශක ආයතනයක් තෝරා ගැනීමට ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේදී ජත්‍යන්තර ආයතන 05කින් යෝජනා ඉදිරිපත් වී තිබෙන බවත්, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කර ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනමන බවත් සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
කොළඹ හා තදාසන්න ප්‍රදේශයේ පවතින අධික රථවාහන තදබදය සහ පොදු ප්‍රවාහන පද්ධතිය සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව ප්‍රවාහන මාදිලියක් ලෙස සැහැල්ලු දුම්රිය පද්ධති (Light Rail Transit-LRT) හඳුන්වා දීමට යෝජනා වී තිබෙන බවත්, මෙම ව්‍යාපෘතිය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ ඉදිකිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.