කොළඹ නගරය ආවරණය වන පරිදි වයිෆයි කලාප 100ක් ඇතිකිරීමට රජය පියවර ගෙන ඇත. කොළඹ නගර සභාව මූලිකත්වයෙන් මෙහි මූලික පියවර ලෙස වයිෆයි කලාප 20ක් ඇතිකිරීමේ කටයුතු සිදුකරමින් පවතී. ඒ අතරින් වයිෆයි කලාප 10කට වැඩි ප්‍රමාණයක් දැනටමත් ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
මෙම පොදු වයිෆයි යන්ත්‍ර හරහා ජංගම දුරකථන ආරෝපණය කිරීමේ පහසුකම් සහ සාමාන්‍ය කසළ බැහැර කිරීමේ පහසුකම්ද ලබාදී ඇත. ඉදිරියේදී මාතර, ගාල්ල, නුවර සහ නුවරඑළියන ප්රදේශවලද මෙම වයිෆයි යන්ත්‍ර ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ආග්රාමාත්ය කාර්යලය නිවේදනය කරයි.