කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්, සමාජ සුබසාධන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබේ.
ළමා සුරැකුම් මධ්‍යස්ථානයක්, අක්ෂි පරීක්ෂණ මධ්‍යස්ථානයක්, විශේෂඥ වෛද්‍ය සේවා, දන්ත මධ්‍යස්ථානයක්, වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක්, පුස්තකාල, තොරතුරු තාක්ෂණ පහසුකම්, ආපනශාලා, ක්‍රීඩාංගනයක්, පාලන කාර්යාලයකින් ද මෙම බහුවිධ සමාජ සුබසාධන මධ්‍යස්ථානය සමන්විත වේ.
මේ සඳහා වැයකෙරෙන මුදල රු.මිලියන 250 කි.
මෙම මධ්‍යස්ථානයේ ඉඳිකිරීම් ඇරැඹීම ලබන මාර්තු 08 වැනිදා මෝදර බෝනාවිස්ටා ක්‍රීඩාංගන භූමියේදී සිදුකිරීමට නියමිතය.