කොළඹ නගර සීමාවේ පිහිටි සිනමා ශාලා 21 කින් මහ නගර සභාවට අයවිය යුතු රුපියල් එක්කෝටි හැත්තෑ හත් ලක්ෂයක බදු මුදලක් ලැබී නැතැයි වාර්තා වේ.
මේ සම්බන්ධව නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා නාගරික භාණ්ඩාගාරිකගෙන් වාර්තාවක්ද ඉල්ලා තිබේ. සිනමා ශාලාවලින් බදු ආදායම ලෙස 10% ක් කොළඹ නගර සභාවට අයවිය යුතු බවත් 2009 වසරට පෙර එය පැවතියේ 7½% ක ප්රතිශතයක් බවත් මේ වසරේ අවසානය දක්වා 10% ක් ලෙස බදු අයකරන බවත්, ලබන වසර මුලදී නව ගැසට් නිවේදනයක් නිකුත් කරන බවත් නගරාධිපතිවරයා සඳහන් කළේය.
මේ අතර විපක්ෂයේ මන්ත්රීවරුන් සඳහන් කළේ දැනට සිනමා ශාලාවලින් නගර සභාවට ලැබෙන බදු මුදල් ද ඉහළ නිලධාරීන් අයථා ලෙස පරිහරණය කරන බවයි.