කොළඹ වැසෙන පාසල් මෙන්න
පවතින ගංවතුර තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ කොළොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල්වලට අද (23දා) සහ හෙට (24දා) නිවාඩු ලබා දී ඇති බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා පැවසීය.
එහිදී කොළඹ අධ්‍යාපන කලාපයට අයත් මට්ටක්කුලිය ශාන්ත ජෝන් විද්‍යාලය, තොටළඟ සංඝබෝධි විද්‍යාලය, අල් හිජ්රා මුස්ලිම් විද්‍යාලය,මාලිගාවත්ත දාරුස්සලාම් මුස්ලිම් විද්‍යාලය සහ කැලණිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් මල්වාන මහා විද්යාලයඑම දිනවල වසා තැබෙනු ඇත.
කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසයේද පාසල් කිහිපයක් සඳහා නිවාඩු ලබාදී තිබෙන අතර, එම කලාපයට අයත් ශාන්ත මරියා විද්‍යාලය,මුනිදාස කුමාරතුංග මහා විද්‍යාලය සහ ඉහළ බෝමිරිය ප්‍රාථමික විද්‍යාලය වසා තැබේ.
ඊට අමතරව හෝමාගම අධ්‍යාපන කලාපයට අයත් මායාදුන්න මහා විද්‍යාලය, පහළ හංවැල්ල කනිෂ්ඨ විද්‍යාලය, පහත්ගම රෝමානු කතෝලික විද්‍යාලය, තුන්නාන සුමනජෝති විද්‍යාලය, ආටිගල කනිෂ්ඨ විද්‍යාලය, ජල්තර කනිෂ්ඨ විද්‍යාලය, මුල්ලේගම කනිෂ්ඨ විද්‍යාලය, බටවල කනිෂ්ඨ විද්‍යාලය සහ පානලුව කනිෂ්ඨ විද්‍යාලයද අදාළ දිනවල වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

