වැසි ජලය මුහුදට බැහැර කිරීමේ ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහාබස්නාහිර පළාත තුළ කුඩා උමං දෙකක් ඉදිකිරීමට සහ, වැසි ජලය මුහුදට පොම්ප කිරීමේ ජල පොම්පාගාර දෙකක් ඉදිකිරීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
බස්නාහිර පළාතේ ජල ගැලීම් තර්ජන සහිත කලාපවල ගංවතුර ගැටලුවලට දිගුකාලීන පිළියම් සෙවීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති අතර,තවත් ව්‍යාපෘති 08ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද එම අමාත්‍යාංශය පැවසීය.
වේරැස් ගඟ වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ වැඩකටයුතුවලින් 30% ක් පමණ දැනට අවසන් වී ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
කළු ගඟ, කැලණි ගඟ ඇතුළු ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන ගංගා නිම්න පහක් බස්නාහිර පළාත තුළ පිහිටා ඇති අතර, ඒ හේතුවෙන් නිරන්තරයෙන් ඇති වන ජල ගැලීමේ අවදානම අවම කිරීම සඳහා දැනට පවතින යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමත්, බස්නාහිර මහානගර කලාපය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පුරවරයක් බවට පරිවර්තනය කිරීමේ අරමුණත් ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.