කොළඹ නගරයේ සිට ලංගම රාත්‍රී බස් සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කළ බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
රාත්‍රී 10 සිට කොළඹ හා තදාසන්න ප්‍රදේශ වෙත මෙම බස් සේවාව ක්‍රියාත්මක වන බවද, රාත්‍රී කාලයේ පෞද්ගලික බස් ධාවනය සිදුනොවන බැවින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
රාත්‍රී බස් සේවාව අද (04දා) සිට ක්‍රමවත්ව ක්‍රියාත්මක වන බවද ඒ මහතා පැවසීය.