කොළඹ - රත්නපුර මහා මාර්ගය අවහිර කරමින් වතු කම්කරුවන් පිරිසක් අවිස්සාවෙල්ල නගරයේ විරෝධතාවක නිරත වීම හේතුවෙන් මාර්ගයේ අධික රථ වාහන තදබදයක් ඇති විය. වතු කම්කරුවන්ගේ දෛනික වැටපු රුපියල් 1000ක් ලෙස වැඩි කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධය පැවැත්වීය.
විරෝධතාව හේතුවෙන් කෑගල්ල - රත්නපුර මාර්ගයේද අධික රථ වාහන තදබදයක් පවතියි. කිලෝමීටර් ගණනක් දිගට රථ වාහන තදබදය පවතින බවත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලීසිය ඉල්ලා සිටියි.
උදය දහනායක