කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට අද (13දා) රැගෙන ආ රැඳවියකු පළා යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරියකු වෙඩි තබා ඇත.
සැකකරුවා පළා යෑමට උත්සාහ කිරීමේදී බිමට වෙඩි තබා ඇති අතර එයින් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.
කොටහේන ප්රදේශයේදී දරුවෙකු පොළවේ ගසා මරා දැමීමට වරදකරුවන් වී මරණ දණ්ඩනය නියම වී ඇති යුක්රේන අඹුසැමි යුවළක් අතරින් සැමියා පළා යෑමට උත්සාහ කිරීමේදී ඔහු මෙල්ල කිරීමට වෙඩි තබා ඇත.
කෙසේ වෙතත සැකකරු නැවතත් අල්ලාගෙන තිබේ.