හෙට (28) පෙ.ව 11 සිට පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහානගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවෙනු ඇතර මහරගම, බොරැලැස්ගමුව සහ කොලොන්නාව යන නගර සභා බල ප්රදේශවලටද කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටද ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍යය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සෙනසුරාදා උදෑසන 11.00 සිට ඉරිදා අළුයම 5.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ.