කොළඹ නගර සංවර්ධන කටයුතු සහ අලංකරණ කටයුතු කඩිනමින් හා නිසි පරිදි සිදුකරන ලෙස අමාත්‍ය අමාත්‍ය රවුෆ් හකීම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව නාගරික සංවර්ධන , ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය නිවේදනයකරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඔ නගර අලංකරණය සම්බන්ධයෙන් නිලධාරීන්ට උපදෙස් දීමෙන් අනතුරුව මෙම පියවර ගෙනතිබේ.