කොළඹ මහ නගර සභාවේ පාලනය බිඳවැටී නොමැති බවත් පළාත් පාලන ආයතනවල කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙනයාමට අවශ්‍ය පුර්ණ සහය පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් ලබා දෙන බවත් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.
කොළඹ ඩෙංගු රෝගීන් ඉහළයාම පිළිබඳව අද(04දා) කොළඹ මහ නගර සභාවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කීය.