අද පස්වරු 3.00 සිට රාත්‍රී 11.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
එම මණ්ඩලය පෙන්වා දෙන්නේ, අත්‍යවශ්‍ය නළ අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවය.
මෙහිදී, හැව්ලොක් පාරේ ඩබ්ලිව්.ඒ. ද සිල්වා මාවත හන්දියේ සිට තුන්මුල්ල දක්වා සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවනු ඇත.
මීට අමතරව, ඩබ්ලිව්.ඒ. ද සිල්වා මාවත සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ගවල, ගාලු පාරේ ඩබ්ලිව්.ඒ. ද සිල්වා මාවතේ සිට බම්බලපිටිය හන්දිය දක්වා සහ මායා මාවත ප්‍රදේශයේද එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.