දිවයිනේ විශාලතම පළාත් පාලන ආයතනය වන කොළඹ මහ නගර සභාවේ පළමු නගරාධිපතිනිය වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ රෝසි සේනානායක මහත්මිය තේරීපත් වී තිබේ.
මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය කොළඹ මහනගර සභාව ජයග්‍රහණය කළේඡන්ද 131353ක් ලබාආසන 60ක් දිනා ගනිමිනි.
රෝසි සේනානායක මහත්මිය මීට පෙර ළමා හා කාන්තා කටයුතු අමාත්‍යවරිය වශයෙන් කටයුතු කළ අතර, මැලේසියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියලෙසද කටයුතු කර තිබේ.
ඇය 1985 වර්ෂයේ ලෝක විවාහක රූ රැජින ලෙසද තේරී පත් වූවාය.
කෙසේ වුවද ශ්‍රී ලංකාවේ පළමු නගරාධිපතිනිය පෙලස සැලකෙන්නේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කළ සරෝජනී යොගේස්වරන් මහත්මියයි. ඇය 1997 වර්ෂයේදීයාපනය නගරාධිපතිනිය වශයෙන් තෙරී පත් වූ අතර, ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් ජීවිතක්ෂය පත් වූවාය.