කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම විසින් තෙලවන නේවාසිකාගාරයට ශිෂ්‍යාවන් බඳවා ගැනීම නතර කරන ලෙසට දැනුම්දීමෙන් පසුකොළඹ විශ්වවිද්‍යාලයට අයත් අඟුලාන, තෙලවන නේවාසිකාගාරයේ නැවත වරක් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
මුලදී මෙම නේවාසිකාගාරය සිසුන්ගේ ප්‍රයෝජනයට භාවිත කළ ද එය මේ වසරේ පටන් සිසුවියන්ට ලබාදීමට තීරණය කර ඇති බවත් සිසුවියන්ට එම නේවාසිකාගාරය අනාරක්ෂිත බවත්,එහි ආහාර මෙන්ම ජල ගැටලු පවතින බවත් ඔවුහු සඳහන් කළහ.
ඉහළ දමා ඇති නේවාසිකාරගාර ගාස්තු අඩු කරන බවත්, ශිෂ්‍යාවන්ට ආරක්ෂාව ලබාදෙන බවට පාලනාධිකාරිය ප්‍රකාශ කිරීමෙන් පසු ගැටලුව සමථයකට පත්කර සිසුවියන් බඳවා ගැනීම සිදු කළද උපකුලපතිවරයාගේ නියෝගය මත බඳවා ගැනීම් අත්හිටුවනු ලැබීය.