තමන්ට අයත් බලය අයුතු ලෙස යොදාගනිමින් කොළඹ නාගරික කොමසාරිස්තුමිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා නගර සභාවේ සේවකයන් යොදවන බව නගරාධිපති එම්. මුසම්මිල් මහතා චෝදනා කරයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම සඳහන් කළේ තමන් මේ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරියට උපදෙස් දුන්නද ඇය එය පිළිනොගන්නා බවයි.
එසේම එම කරුණ පිළිබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිලි කළ බවද හෙතෙම කීය.