ගුරු සහායකයන් ගුරු සේවයට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීම නිසා මේ වනවිට කොළඹ කොටුව ප්‍ර‘දේශයේ දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ. විරෝධතාකරුවන් දහවල් 12.00 සිට කොටුව ලෝටස් පාරේ රැඳී සිටිමින් විරෝධතා දැක්වීම නිසා ලෝටස් පාර මේ වනවිට වසා දැමීමට පොලීසිය කටයුතු කර ඇත.
මේ නිසා ගාලු පාරේ ගමන්ගන්නා වාහන පිටකොටුවෙන් පිටවීමේදී හා පිටකොටුවට ඇතුළු වීමේදී මෙලෙස වාහන තදබදයක් ඇතිවී තිබේ.මේ හේතුවෙන් අවට ප්‍ර‘දේශවලද දැඩි වාහන තදබදයක් මතුව ඇත.