කොළඹ අපද්‍රව්‍ය පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයට බැහැරලීමට රජය තීරණය කර තිබේ.
මේ යටතේ පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ සනීපාරක්ෂක කසළ රඳවනයක් හා කොළඹ මීතොටමුල්ලේ සංක්‍රාමණ මධ්‍යස්ථානයක් ඉදිකර ඒ හරහා ඝන අපද්‍රව්‍ය දුම්රිය මගින් යෝජිත කසළ රඳවනයට ප්‍රවාහනය කරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොළඹ පමණක් දැනට ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 700 ක් පමණ දිනකට එකතුවන අතර, අනෙකුත් කොළඹ ආශ්රිත පළාත් පාලන බල ප්‍රදේශ තුළ ජනනය වන නාගරික ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1200 ක් පමණ වේ.