කොළඹ අවට එකතුවන දිරායන කසළ ටොන් 400 ක් කාබනික පොහොර බවට පත්කිරීමට හැකි වූ බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
ශී‍්‍ර ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් දෛනිකව කෙළඹ හා තදාසන්න ප්‍රදේශවලින් එකතුවන දිරායන කසළින් නිෂ්පාදනය කරන ‘මිහිජය’ පළමු කොම්පොස්ට් පොහොර තොගය වෙළෙඳපොළට හඳුන්වා දීම සඳහා කොළඹ නගර සභාවේ පැවැති වැඩසටහනට සහභාගි වෙමිනි.
මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් හා මෙහෙයවීම මත පළාත් පාලන අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව සහකොළඹ මහානගර සභාවඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවීය.
එම කාබනික පොහොරවල තත්ත්වය කාර්මික තාක්ෂණික ආයතනය මගින් සහතික කර තිබෙන බවත්, දෙවැනි පියවර ලෙස වඩාත් විධිමත් පොහොරක් බවට පත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
නයිට්රජන්, පොස්පරස්, පොටෑසියම් නිසි අනුපාතයට තිබෙන අයුරින් ගොවිතැනට සුදුසු පොහොරක් බවට නාගරික අපද්‍රව්‍ය තව නුදුරු කාලයකදී පරිවර්තනය කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.