ලෝක නගර දිනයට" සමඟාමී ව කැලි කසල ඉවත් කර පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද(30දා) මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී ආරම්භවිය. එහිදී කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට, බැස්ටියන් මාවත සහ ඕල්කට් මාවත යන ප්‍රදේශයන් හි කැලිකසල ඉවත් කිරීම සිදුකරීමට නියමිතය. එමෙන් ම මෙම අවස්ථාවට සමඟාමී ව දෙමටගොඩ "මිහිඳු සෙන්පුර" නිවාස සංකීර්ණයේ නිවැසියන් සමඟ එම නිවාස සංකීර්ණය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරේ.